ශවේන්ද්‍රට එල්ලවූ චෝදනා ගැන තීරණය ජනපති අතේ

315

හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව කරන්නාගොඩ කොමිසම විසින් පිටු 17 ක වාර්තාවෙන් එල්ල කර ඇති චෝදනා සම්බන්ධව තීරණයක් ගන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

මේ වාර්තාව සම්බන්ධව රජය නීතිපතිගේ උපදෙස් පතා ඇති අතර මේ වනවිට හෙළිවී ඇති තොරතුරු වලට අනුව විරෝධතාකරුවන් ජනාධිපති මැදුරට සහ අරලියගහ මන්දිරයට කඩාවදින අවස්ථාවේ 4500 ක බළකායක් කොළඹ සූදානම්ව සිටින නමුත් ඔවුන්ට නියෝග ලැබී නැති බව පැවසේ.

එසේම, විරෝධතා පැවැති සමයේ නියෝග නිකුත් කිරීම භාරව සිටි හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ දුරකථනද අක්‍රීය වී තිබේ.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment