ශ්‍රමය කොල්ලකෑමේ අංක එකට රාජ්‍ය හෙද සේවාව පත්වෙලා

251

76000 ක් අවශ්‍ය වුවත් ඉන්නේ 42000 යි

රෝගීන්ගේ ජීවිත කොල්ලකන ජීවිත අනතුරට පත්කරන තීන්දු තීරණ ගැනීමෙන් සහ සමස්ත රාජ්‍ය සේවය අකර්මණ්‍ය කර වැඩ පීඩනයෙන් මිරිකුණු රාජ්‍ය සේවයක් ඇති කිරීමෙන් වළකින ලෙස ආණ්ඩුවට බලකරන බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහඳආරච්චි මහතා පවසයි.

සභාපතිවරයා මාතලේ විදුහල් පෙදෙස අංක 23 හිදී මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ජීවත් වෙන්න බැරි තරමට අද රාජ්‍ය සේවකයින් මිරිකී සිටිනවා. බදු බර ආහාර ද්‍රව්‍ය මිල විදුලි බිල ජල බිල ප්‍රවාහන වියදම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාත් එදිනෙදා අත්‍යවශ්‍ය වියදම් දැරීමටත් අද රාජ්‍ය සේවකයන්ට නොහැකි තත්ත්වයට පත් කරලා. ජනතා බදු මුදලින් ඉගෙන ගත් විශාල බුද්ධිමතුන් අද රට හැරයන තත්ත්වයට පත්වෙලා. සෞඛ්‍ය සේවාවේ හෙද සේවයට හෙද කාර්ය මණ්ඩලය 76000 ක් අවශ්‍යයි. අද සේවය කරන්නේ 42000 යි. රාජ්‍ය සේවකයන්ගේ සිදු කෙරෙන ශ්‍රම කොල්ලකෑමේ අංක 01 ට පත්වෙලා ඉන්නේ හෙද සේවාව. ඔවුන් ගැන බලධාරීන් සමග එදා කතාකළ ඇතැමුන් අද උප කුලපති හෝ අධ්‍යක්‍ෂ තනතුරු අරගෙන හෙද සේවාව වළපල්ලට තල්ලු කර තිබෙනවා.

මෙම අවස්ථාවට සමස්ත ලංකා හෙද සංගමයේ මධ්‍යම පළාත් සංවිධායක කේ. එම්. සරත් බණ්ඩාර, මාතලේ දිස්ත්‍රික් විධායක සභික උදයාංගනී ලියනගේ සහ නදීෂා බණ්ඩාරනායක යන මහත්ම මහත්මීහුද අදහස් දැක්වූහ.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment