ශ‍්‍රැතිය අල්ලන්න ගිහින් බිරිඳ හොඳට නෙළලා

1241

ඥානවතීගේ සැමියා දාසය. දාස විශ‍්‍රාමික අයෙකි. කලාවට බර මොහු කුඩා කලත්, තරුණ වියෙත්, මැදි වයසෙදිත් තබ්ලාව, සර්පිනාව, බටනළාව අතට ගෙන සංගීතය හැදෑරුවේ ජීවිතයත්, සංගීතයත් දෙකක් නොව එකක් යැයි කියමිනි. ඔහුට හරි ගාම්භීර හඬක්ද තිබිණි. ඒ කාලයේ රියැලිටි ෂෝ තිබුණේ වී නම් ඔහු අද රටම දන්නා හොඳ ගායකයෙක් බව හඳපාන්ගොඩ ගමම දනී.

 විශ‍්‍රාම ගියත් දාස ඉඳහිට මිතුරු සාජ්ජවලට ගියේ තබ්ලාව, සර්පිනාවද රැුගෙනය. ඒ වාi වෘන්ද මගින් නැගෙන හඬ කන්කලූය. දාසගේ හඬ ඊට මුසු වූ පසු නැෙඟන සංගීත රාවය, සප්ත ස්වරයේ අපූර්වත්වය මේ යැයි කියාපායි.

 මේ කියන දවස විශ‍්‍රාමික දාසගේ දවසය. ඒ කියන්නේ දින තිහකට පසු විශ‍්‍රාම වැටුප ලැබෙන දිනයයි. එදාට නම් ඔහු හරි මුරණ්ඩු ගති පෙන්වනු ලබයි.

 ගමේ කිහිපදෙනකුටම කසිප්පු කාල කාල අරන් දුන් ඔහු කටගොන්නක් බීගෙන ගෙට ගොඩ වූයේ පුදුමාකාර සතුටිනි.

 ‘‘සඳරාජනී ඔබයි මගේ හද මන්දිරේ

 නුඹ තාම දන්නෙ නෑ ඇයි මන් පෙම් කළේ’’

 නව පරපුරේ ගායකයකුගේ ගීතයක් දාසගේ මුවගට නැගුණේ සර්පිනාවද වැයෙන අතරය. ශ‍්‍රැතිය මදිය. හඬ උස් පහත් කළ ඔහු ‘‘සිරියලතා… සිරියලතා… මගෙ සිත ගත් සුදුකෙල්ලේ ගීතය ගයමින් ශ‍්‍රෘතිය ඇල්ලූවේය.

 කුස්සියේ සිට දිව ආ බිරි`ද දාසට පන්න පන්නා පහර දුන්නෙ තෝ සිරියලතා එක්කම පලයන් නාකි මනමාලයා කියමිනි.

 කොසු මිට දෙක තුනට කැඞී යද්දී දාස අමුතිත්ත කුණුහරුප කියමින් නිවසින් එළියට ගියේ බින්න බැහැපු එකේ වරදද සිහි කරමිනි.

 පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment