ශ්‍රීපාද අඩවියේ භාවනානුයෝගීව  වැඩ සිටි කුඩාවේ පේමාලෝක  හිමියෝ  අපවත් වෙති

1263

පුරා වසර 35 කට අධික කාලයක් තිස්සේ සිරිපා වනයේ දුෂ්කර ඉසව්වල ගල්ලෙන්වල භාවනානුයෝගීව වැඩ සිටි කුඩාවේ පේමාලෝක හිමිපාණෝ පෙරේදා (13 දා) උදෑසන අපවත් වූහ.

ස්වකීය ජීවිතයේ බොහෝ කාලයක් විවිධ දුෂ්කරතා මත වගවලසුන් මැද මහ වනයෙහි බවුන්වඩමින් පරාර්ථ චර්යාවේ යෙදුණු උන්වහන්සේ අවුරුදු 35 ක පමණ කාලයක සිට ශ්‍රීපාද අඩවිය ස්වකීය සොඳුරුගම ඇසුරෙහි වැඩ සිටියහ.

වාර අවාර භේදයකින් තොරව තෝරාගත් පුර පසළොස්වක පොහොය දිනවලදී පලාබද්දල විහාරයට වැඩම කරන උන්වහන්සේ ගෙන් අවබෝධාත්මක දහම් ඇසීමට කොළඹ තදාසන්න ප්‍රදේශවල සිට පවා සැදැහැවතුන් පැමිණෙන්නේ උන්වහන්සේ කෙරෙහි ඇති අපරිමිත ගෞරවය නිසාය.

ගතවූ කාලය තුළ සමනළකන්ද රක්‍ෂිත ආශ්‍රිත ගුප්ත සංසිද්ධීන් මෙන්ම වෙනස්කම්, යටගියාව පිළිබඳව මනා අවබෝධයෙන් පේමාලෝක හිමියෝ කටයුතු කළහ. උන්වහන්සේ වනයේ සැරිසරද්දී සතා සීපාවාට පවා ආදරය කළ අතර මහා වනය මැද වැඩම කරද්දී උන්වහන්සේට සතා සීපාගෙන් කිසිදු හිරිහැරයක් සිදුවූවේ නැත.

අපවත්වී වදාළ කුඩාවේ පේමාලෝක හිමිපාණන්ගේ දේහය පිළිබඳව ආදාහන පූජෝත්සවය පසුවට දැනුම්දීමට නියමිතය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment