ශ්‍රීපාද වන්දනාව දෙසැම්බර් පොහොයෙන් ඇරැඹේ

160

මෙවර (2022/2023) ශ්‍රීපාද වන්දනා වරාය (දෙසැම්බර්) උඳුවප් පුන් පෝය (07 දා) සිට ආරම්භ වී 2023 වසරේ වෙසක් පුන් පෝය දිනයෙන් නිමාවට පත්වේ.

අවාර සමයේ පැල්මඩුල්ල, ගල්පොත්තාවෙල, ශ්‍රීපාද රාජමහා විහාරයේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව, ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන්මුවා පිළිමය හා දේවාභරණ සුභ නැකැත් අනුව 05 දා පස්වරුවේ දොරට වැඩම කිරීම සිදු කරන්නේ ශ්‍රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිiාලයේ කුලපති හා සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා ඇතිවය. අනතුරුව එහිදී චාරිත්‍රානුකූලව පුදපූජා පැවැත්වීම සිදුකරනු ලබන්නේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් දේශනා මධ්‍යයේය.

06 දා අලුයම යෙදෙන සුභ නැකැත් අනුව පැල්මඩුල්ල, ගල්පොත්තාවෙල, ශ්‍රීපාද රාජමහා විහාරයේ සිට ශ්‍රීපාදස්ථානය වෙත සධාතුක කරඬුව, සුමන් සමන් දෙවියන්ගේ රන්මුවා පිළිමය හා දේවාභරණ රැගත් ශ්‍රීපාද පෙරහැර වැඩම කිරීම පූර්ණ රාජ්‍ය අනුග්‍රහය මත පෙර වසරවලදී මෙන්ම මෙවර ද මාර්ග 04 කින් සිදු කෙරේ. හැටන්, නල්ලතන්නිය, කුරුවිට එරත්න, පලාබද්දල හා බගවන්තලාව යන මාර්ග වලින් මෙසේ වැඩම කිරීම සිදුකෙරේ.

උඳුවප් පුන් පෝය යෙදී ඇති (07 දා) අලුයම යෙදෙන සුභ නැකැත් අනුව ශ්‍රීපාද පත්මය සුවඳ පැනින් දෝවනය කිරීම ශ්‍රීපාද නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින් සිදුකරනු ලබයි. අනතුරුව චාරිත්‍රානුකූල පුදපූජා පවත්වා සධාතුක කරඬුව, සුමන සමන් දෙවියන්ගේ රන්මුවා පිළිමය හා දේවාභරණ ශ්‍රීපාදස්ථානයේ පිහිටි සුමන සමන් දේවාලයේ තැන්පත් කිරීම සිදු කරනු ලබන්නේ, ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා ඇතිව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේය.
මස්කෙළිය – ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment