ශ්‍රීපාද වන්දනා සමය ඇරඹේ

167


මෙවර ශ්‍රීපාද වන්දනා සමය අද උඳුවප් පුන් පෝය දින විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් අති උත්සවත්වශ්‍රීයෙන් ආරම්භ කෙරිණි.
අද අළුයම් කාලයේ යෙදී තිබූ සුභ නැකත් අනුව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ මූලිකත්වයෙන් ශ්‍රීපාද පත්මය චාරිතාණුකූලව සුවඳ පැනින් දෝවනය කිරීම සිදු කරණු ලැබුවේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් මධ්‍යයේය. අනතුරුව ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ ඓතිහාසික රන් මුවා පිළිමය හා දේවභරණ ශ්‍රීපාද උඩ මළුවේ පිහිටි සමන් දේවාලයේ තැන්පත් කිරීම සිදු විය.

advertistmentadvertistment
advertistmentadvertistment