ශ්‍රීමත් ජෝන් ටාබට්  ජ්‍යෙෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අද ඇරැඹේ

165

සිව් දිනක් පුරා හෝමාගම දියගම පිහිටී මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක කෙරෙන “ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග කුසලාන” ජ්‍යෙෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ආරම්භය අද (13) පෙරවරුවේ සිදු කෙරේ.

ලබන සිකුරාදා (16) දක්වා ක්‍රියාත්මක කෙරෙන මෙවර තරගාවලියට ද සුපුරුදු අනුග්‍රාහක ශක්තිය සිලෝන් බිස්කට් සමාගමේ “රිට්ස්බරී” ලබා දී තිබීම කැපී පෙනෙයි.

අවුරුදු 20 න් පහළ (බාලක සහ බාලිකා), අවුරුදු 18 න් පහළ (බාලක සහ බාලිකා) සහ අවුරුදු 16 න් පහළ (බාලක සහ බාලිකා) යන වයස් සීමාවන් යටතේ මෙවර තරගාවලිය පැවැත්වේ.

ගෝලීය වසංගතයක් බවට පරිවර්තනය වී තිබුණු කොවිඩ් 19 හේතුවෙන්

පසුගිය දෙවසරක කාලය තුළ “ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග කුසලාන” ජ්‍යෙෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය නොපැවැත්විණි. එම කාල සීමාව තුළ තරග බිමට අවතීර්ණ වීමට නොහැකි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව උදාකර දෙමින් අවුරුදු 22 න් පහළ වයස් සීමාවක් ඇතුළත් කර තිබීම මෙවර තරගාවලියේ ඇති විශේෂත්වය කි.

ආරම්භක දිනය වන අද (13) ඉසව් 16 ක අවසන් තරග පැවැත් වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ සභාපති කුසල ප්‍රනාන්දු මහතා අනාවරණය කළේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment