ශ‍්‍රීමාලිට රන් පදක්කමක් ඩිලංකට ලෝකඩ පදක්කමක්

201

‘‘2022’’ බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල සඳහා සුදුස්සන් තෝරා ගැනීම පිණිස සිංගප්පූරුවේ දී ඊයේ (25 දා) ආරම්භ කරන ලද බර ඉසිලීමේ තරග ඉසව් ආශ‍්‍රිතව රන් පදක්කමක් දිනා ගැනීමට ශ‍්‍රීමාලී සමරකෝන් සමත් වූ අතර ලෝකඩ පදක්කමක් තහවුරු කර ගැනීමට ඩිලංක ඉසුරු කුමාරට හැකි විය.

කාන්තා කිලෝ ග‍්‍රෑම් 49 ට අඩු බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීම දක්වා පැමිණි ගමනේ දී ශ‍්‍රීමාලී සමරකෝන් ස්නැච් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 65 ක් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 86 ක් ද ලෙස කිලෝ ග‍්‍රෑම් 151 ක මුළු බර එකතුවක් සටහන් කළාය.

පිරිමි කිලෝ ග‍්‍රෑම් 55 ට අඩු බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ ඩිලංක ඉසුරු කුමාර එහිදී ස්නැච් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 106 ක් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 132 ක් ද ලෙස කිලෝ ග‍්‍රෑම් 238 ක මුළු බර එකතුවක් සටහන් කරමින් කැපී පෙණුනි.

ඉන්දික චතුරංග දිසානායක, ඇන්ටන් සුදේශ් පීරිස්, චතුරංග ලක්මාල් ජයසූරිය සහ මනෝජ් මධුවන්ත විජේසිංහ යන ක‍්‍රීඩකයන් තම තරග ඉසව්වට අද (26 දා) පිවිසෙති. මෙම තරගාවලිය හෙට (27 දා) අවසන් කෙරේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment