ශ‍්‍රීලනිපය ආණ්ඩුවට සතියක් කල්දෙයි

102

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡුා කොට භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා රජය ඉදිරි සතිය තුළ කටයුතු නොකරන්නේ නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 14 දෙනා ආණ්ඩුවේ සියලූ තනතුරුවලින් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවට පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ප‍්‍රකාශ කර ඇත. එම ලිපියේ මෙසේද සඳහන් කර තිබේ.

 ඉන්ධන අර්බුදයෙන් ජන ජීවිතයට එල්ලවී ඇති දරාගත නොහැකි පීඩනය නිසා ජනතාව දේශපාලන පක්ෂ නායකත්වයෙන් පරිබාහිරව ස්වෙච්ඡුාවෙන් කිසිදු නියාමනයකට යටත් නොවන විරෝධතා සඳහා දැඩිව පෙළෙඹී ඇත.

 ජනතාව විසින් දේශපාලන පක්ෂ සහ රජයට කරන එම දැඩි බලපෑම හා පීඩනයෙන් කිසිදු පක්ෂයකට ගැලවිය නොහැකිය. එබැවින් ජනතා මතයට හිස නමමින් ඔවුන්ට සහන සැලසීමට රජය අපොහොසත් වන්නේ නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය රජය තුළ දැනට කරගෙන යන කාර්යය පිළිබඳව නැවත සිතා බැලීම අනිවාර්යෙන් සිදුකළ යුතුව ඇත.

 එබැවින් ඉදිරි දින කිහිපය තුළදී පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලූ දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡුා කොට රටේ අභිවෘද්ධිය සඳහා ස්ථිර සාර වැඩපිළිවෙළක් සහිත භාරකාර ආණ්ඩුවක් යටතේ ඉදිරියේදී රට පාලනය සඳහා අවශ්‍ය කටයුතු කළ යුතුව ඇති බව පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අදහසයි.

advertistmentadvertistment
advertistmentadvertistment