ශ‍්‍රීලනිපය ආණ්ඩුවට සහාය දෙන හැටි

471


පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට රජය යම් සාධනීය වැඩ පිලිවෙලක් ඉදිරිපත් කළොත් ඊට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය දක්වන බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රි නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය.රට අගාධයට ඇදවැටීමට ඉඩ දියනොහැකි බවත් ඔ්නෑම පක්ෂයක් රට ගොඩනැගීම සඳහා නිවැරදි යෝජනාවක් ඉදිරිපත් කළහොත් ඊට තම පක්ෂය සහාය දක්වන බවත් විරෝධය පළකරන්නේ නැති බවත් කීවේය.කෙසේ වෙතත් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් ඇමැතිධුරවලින් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධිනව කටයුතු කරන බවද සඳහන් කළේය. අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බැව් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment