ශ‍්‍රීලනිපය තවම තීරණයක් නෑ

135

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ගෙන් කැබිනට් ඇමැති ධුර ඉවත් කිරීම ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට අයත් පක්ෂ නායකයින් අතර ඇති වූ ගැටුමක ප‍්‍රතිඵලයක් බවත් එම තත්ත්වය හමුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණයක් ගෙන නැති බවත් ශී‍්‍රලනිප ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

‘මුළු රටම හරිමගට’ දසවැදෑරුම් යෝජනාවලිය එළිදැක්වීමේ උත්සවයට ශී‍්‍රලනිපය සහභාගි වූයේ ලද ආරාධනාවක් මත බවත් එහි සංවිධාන කටයුතුවලට තම පක්ෂයේ කිසිදු සම්බන්ධතාවක් නැති බවත් පැවසූ මන්තී‍්‍රවරයා තම පක්ෂයේ අරමුණ ශී‍්‍රලනිප ආණ්ඩුවක් බිහි කිරීම යැයි ද කීවේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment