ශ්‍රීලනිපය සන්ධ්‍යානයක් හදා මැතිවරණයට එනවා – දයාසිරි ජයසේකර

106

වමේ ප්‍රගතිශීලී බලවේග ඒකරාශි කරගනිමින් දැවැන්ත සන්ධානයක් ගොඩනඟා ලබන වසරේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වනබව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවැසී ය.

එම සන්ධානය ලබන ජනවාරි මස මුල් සතියේ දී එළිදක්වන බව ද හෙතෙම කීය.

කැලණිය රාජමහා විහාරස්ථානයේ පෙරේදා රාත්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිත් පිංකමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු එසේ කීය.

තවදුරටත් කතා කළ ඔහු මෙසේ ද කියා සිටියේ ය.

සෑම වසරක ම දෙසැම්බර් මාසේ 31 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කතරගම තමයි පිංකම පවතිවන්නේ. මේ පාර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්වුණ පිරිසක් ගිහිල්ලා ඒක ආක්‍රමණය කරලා තියෙනවා. ඒකේ ප්‍රධාන ආරාධිතයා බවට පත්වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අරන් ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිත් පිංකම කරන්නේ නැහැනේ. ඒ නිසා අපි කැලණිය රජමහා විහාරස්ථානය මුල් කරගෙන පිරිත් පිංකම පැවැත්වූවා.

2023 වර්ෂය ඉතාම වැදගත් වර්ෂයක්. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැටියට නව සන්ධානයකට ඉදිරිපත් වෙනවා. දැවැන්ත සන්ධානයක් වමේ ප්‍රගතිශීලී බලවේග ඒකරාශි කරගෙන ඉදිරිපත් වෙනවා. ඉදිරියේ දී පවත්වන පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය ලබාදීම එදාට අපි සිදු කරනවා. ඒකට අවශ්‍ය කරන මූලික සාකච්ඡා දැනටත් අවසානයි. බලාපොරොත්තු වෙනවා ලබන ජනවාරි මාසයේ මුල් සතිය වෙනකොට සන්ධානය එළි දක්වනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා

අප ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එන්න එන්න බබළනවා.

මාධ්‍යවේදී – ඉදිරි ඡන්දයේ දී සන්ධානයකින් ඉදිරිපත් වෙනවා ද?

මෛත්‍රීපාල සිරිසේන මහතා – අපෝ මේ පූජා භූමියේ ඕවා අහන්න එපා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment