ශ්‍රීලනිපය හැර වෙන පක්‍ෂයකට යන්නේ නෑ – චන්ද්‍රිකාගෙන් ෆේස් බුක් සටහනක්

161

තමා ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය හැරදමා වෙනත් කිසිදු දේශපාලන පක්‍ෂයකට එකතු නොවන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කීවාය.

තමන් එක්සත් ජාතික පක්‍ෂයට හෝ සමගි ජනබලවේගයට එක්වූ බවට විවිධ මාධ්‍ය ඔස්සේ පළවන ප්‍රකාශ ඇය ප්‍රතික්‍ෂේප කර ඇත. හිටපු ජනපතිනිය මේ කරුණු සඳහන් කර ඇත්තේ සිය මුහුණු පොතෙහි සටහනක් තබමින්ය.

තමා දේශපාලනිකව ඉපදුණේත් හැදී වැඩුණේත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බවත් තමා මියයන්නේද ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයකු ලෙස බවත් ඇය සඳහන් කරයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment