ශ්‍රීලනිප තියෙන්නේ අපේ අතේ… නැතුව ඩාලි පාරේ බෝඩ් එකේ නොවේ

101

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තිබෙන්නේ තම කණ්ඩායම අතේ මිස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ බෝඩ් ලෑල්ලේ හෝ ඩාලි පාරේ පිහිටි ගොඩනැඟිල්ලේ නොවන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

අද (31 දා) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 60 වැනි සංවත්සරය නිමිත්තෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

සංවත්සරය වෙනුවෙන් 60 වන වරටත් කතරගම කිරිවෙහෙර අබියසදී මහා පිරිත් පිංකම පවත්වන බවද කී ඇමැතිවරයා මෙම පිංකම සඳහා සියලුම දේශපාලන පක්‍ෂවලට ආරාධනා කර සිටින බවද කීවේය.

මෙම පිරිත් පිංකම පිරිසක් විසින් ආක්‍රමණය කරන ලද බවට වත්මන් ශ්‍රී.ල.නි. පක්‍ෂ මහලේකම්වරයා පිළිගැනීම හොඳ කාරණයක් යැයිද ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment