ශ්‍රීලනිප – නව සන්ධාන අම්බලන්තොට මංගල ජන රැලියට ජන ගගක්

1

නිමල්-අමරවීර-ලාන්සා-අනුර ඇතුළු ශ්‍රීලනිප හා නව සන්ධාන ප්‍රබලයෝ එකම වේදිකාවට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නව සන්ධාන පාර්ශ්වය විසින් ඒකාබද්ධව පවත්වනු ලැබූ මංගල ජල රැලිය පෙරේදා (08දා) පස්වරුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට නගරයේදී අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් යුතුව ඇරමිණි.

‘දිනුම රටට – එක්ව පෙරට’ යන තේමාව යටතේ විශාල ජනතා සහභාගිත්වයකින් යුතුව ඇරඹි අම්බලන්තොට ජන රැලිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සංවිධානය කර තිබිණි.

නව සන්ධාන වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පැවති මංගල ජන රැලියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21ක් සහභාගි වී සිටීම විශේෂත්වයකි. ඉදිරියේදී මෙම වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකින් යුතු පුළුල් සන්ධානයක් ගොඩනඟන බව සන්ධාන නායකයෝ ප්‍රකාශ කළහ.

මෙම ජන රැලියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත, නලින් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, ජෝන් සෙනවිරත්න, චාමර සම්පත් දසනායක, සුරේන රාඝවන්, උදයකාන්ත ගුණතිලක, ප්‍රියංකර ජයරත්න, ජගත් ප්‍රියංකර, එස්.එස්. මුසාරෆ්, අලි සබි්‍ර රහීම්, ප්‍රේමනාත් සී. දොලවත්ත, ජගත් පුෂ්පකුමාර, සුදත් මංජුල ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව සන්ධානයට සහාය දක්වන පළාත් සභා මන්ත්‍රීවරුන්, නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තීය සමිති නියෝජිතයන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු රැසක් සහභාගි වී සිටියහ.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment