ශ්‍රීලනිප ව්‍යවස්ථාව කඩන අය පක්ෂයෙන් පන්නනවා… මෛත්‍රී 71 වැනි සමුළුවේදී කියයි  

147

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව කඩකරන හා විනය විරෝධීව ක්‍රියා කරන අය පක්ෂයෙන් නෙරපීිමට කටයුතු කරන බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (02 දා) මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වැනි සමුළුව අමතමිනි.

නුදුරේම මැතිවරණයක් පැවැත්වීමට ඉඩකඩ ඇති බව ද ඒ සඳහා ශ්‍රීලනිපය ශක්තිමත්ව මුහුණදිය යුතු බවද හිටපු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ඉදිරියේදී සහෝදර පක්ෂ සමග ගොඩනැඟෙන සන්ධානයක ප්‍රමුඛයා විය යුත්තේ ශ්‍රීලනිපය බව ද සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා මේ වනවිට ජාත්‍යන්තරය දිනාගැනීමට හැකියාව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටය යැයි ද වැඩිදුරටත් කියා සිටියේය.

වසන්ත ලියනගේ, ඡායා – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment