ශ්‍රීලනිප සහාය කාටද – තීරණය අද මධ්‍යම කාරක සභාවෙන් පසු – මහලේකම් දයාසිරි කියයි

100

ජනාධිපති අපේක්‍ෂකත්වය සඳහා කුමන පුද්ගලයකු නාමයෝජනා භාර දුන්නද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සිය ඡන්දය පාවිච්චි කරන්නේ කාටද යන්න තීරණය කරන්නේ අද (19දා) පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණය මත බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

සියලුම පක්‍ෂ එකතු වී පොදු එකඟතාවක් මත පත්කර ගන්නා ජනාධිපතිවරයකු යටතේ සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටවිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඒකමතිකව තීරණය කළ බවද මහලේකම්වරයා සඳහන් කළේය.

එහෙත් ඊට පිටින් මේ වනවිට ජනාධිපති අපේක්‍ෂකයන් සිව්දෙනකු එම ධුරයට තරග කරන බැවින් නිදහස් පක්‍ෂයේ ඡන්දය භාවිත කරන්නේ ඉන් කුමන අපේක්‍ෂකයාටද යන්න අද පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලබන සාමූහික එකඟතාව මත තීරණය කෙරෙන බවද මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment