ශ්‍රීලනිප 4කට රාජ්‍ය ඇමතිධූර

811

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් සිව්දෙනකු මේ සතියේ රාජ්‍ය ඇමැතිධුර හතරක දිවුරුම් දීමට නියමිත බව එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ තමාට ඒ පිළිබඳව නිලවශයෙන් තොරතුරු ලැබී නොමැති බවය. කෙසේ වෙතත් තමා කිසි විටෙකත් පක්‍ෂයේ තීන්දු තීරණවලට පිටින් ගොස් ආණ්ඩුවේ ඇමැතිධුර ලබාගැනීමට කටයුතු නොකරන බවද ඔහු සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment