ශ්‍රී ජයවර්ධනපුර කෘෂිකර්ම ව්‍යාපෘතියේ රන් අස්වනු නෙළීම ඇරැඹෙයි

188

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බළකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ පවත්වාගෙන යනු ලබන ශ්‍රී ජයවර්ධනපුර කෘෂිකර්ම ව්‍යාපෘතියේ රන් අස්වනු නෙලීම ඊයේ (16 දා) උදෑසන සිදු කරන ලදී.

එම අවස්ථාවට ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මැතිතුමන් සහ යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය. ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා කෘෂිකර්ම ව්‍යාපෘතිය යටතේ අක්කර 8.5 ක වගාකළ බී.ජී. 366 වී ප්‍රභේදය කාබනික පොහොර භාවිතා කරමින් ඉතා සරුසාර ලෙස වගා කරමින් එහි අස්වනු නෙලීමට යුද හමුදාවට හැකි වීම විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment