ශ්‍රී නගර්හි  රග්‍යානා දේවි  වන්දනාව  යළි ඇරඹේ

147

කොවිඩ් 19 වෛරස රෝගය පැතිරීම නිසා වසර දෙකක් තිස්සේ නතර වී තිබූ ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රී නගර් හි සුප්‍රසිද්ධ රග්‍යානා දේවි විහාරස්ථානය වන්දනා කිරීම යළි ආරම්භ වී ඇත.

 මාතා ඛීර් භවානි මේලා වන්දනාව යළි ආරම්භවීමත් සමඟ වන්දනාකරුවන්ට වාර්ගික සහජීවනයේ සහෝදරත්වයේ සහ සාමයේ සංකේතයක් ලෙස ජලය, යුෂ සහ රෝසමල් බෙදාදීම සිදුකරන ලදී.

 මෙය ශ්‍රී නගර් සිට කිලෝමීටර් 25 ක් ඊසාන දෙසින් පිහිටි කෝවිලක අවතැන් වූ ජනතාවගේ විශාලතම ආගමික රැස්වීම්වලින් එකකි. හින්දු දෙවිවරුන්ගේ සිරිතට අනුව දේවි මාතා හෝ භගවතී වැනි ගෞරව නාමවලින් රග්‍යානා දේවිය අමතයි. කිරි දේවතාවිය ලෙස ද හඳුන්වන රග්‍යානා දේවි වන්දනාව කාශ්මීරයේ හින්දු භක්තිකයන් අතර ගෞරවයට පත්ව ඇත්තේ සිය ආරක්‍ෂක දේවතාවිය වන කුලදේවි වන්දනාව ලෙසිනි.

 අන්තවාදය සහ ත්‍රස්තවාදය නිසා පූජාවන් අතර ඇති කළ විරසකය ඉවත දැමිය යුතුයි. කාශ්මීරයේ සාමය පවත්වාගෙන යෑමට පරිපාලනය මත පමණක් විශ්වාසය නොතැබිය යුතුයි. අපි අපගේ කොටස ද දායක කළ යුතු යැයි වන්දනාවේ පැමිණි අයෙක් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment