ශ්‍රී පාද වන්දනා සමය ප්‍රකාශ කරයි

173


මෙවර ශ්‍රී පාද වන්දනා සමය දෙසැම්බර් මස 07 වැනිදාට යෙදෙන උදුවප් පුන් යෝය දිනයෙන් ආරම්භ වී 2023 මැයි මස වෙසක් පෝය දිනයෙන් නිමාවට පත්වන බව ශ්‍රීපාදස්ථානාධිපතිග ඌව වෙල්ලසස්ස විශ්ව විද්‍යාලයේ කුලපති හා සබරගමුව පලාතේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියෝ අද පැවසූහ.
හැටන් -ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී වන්දනාව සඳහා පැමිණෙන දෙස් විදෙස් වන්දනාකරුවන් සහ වන්දනා සමය වෙනුවෙන් සේවයේ යෙදෙන රාජ්‍ය නිලධාරීන්ගේ පහසුකම් සැපයීම සම්බන්ධවල වන්දනා සමය ආරම්භ කිරීමට ප්‍රථම අද දා නල්ලතන්නිය සෞඛ්‍ය මධ්‍යස්ථාන ගොඩනැඟිල්ලලේදී පවත්වනු ලැබූ සම්බන්ධීකරණ රැස්වීමේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන් අමතමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment