‘ශ්‍රී ලංකන්’ අහිතකර තත්ත්වය ගැන බරපතළ ලෙස සිතන්න –  ‘කෝප්’ සභාපති

79

මැතිසභයේ දී කියයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස මෙරට ආර්ථිකයට සිදු කරනු ලබන අහිතකර තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ ලෙස සිතා කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති (කෝප්) මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10 දා) ප්‍රකාශ කළේය.

නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය සඳහා එම කමිටුවේ තුන්වෙනි වාර්තාව ඉදිරිපත් කරමින් හෙතෙම මේ බව පැවසීය. එහිදී සභාපතිවරයා මෙසේද කියා සිටියේය.

විශේෂයෙන්ම මෙම වාර්තාවෙන් ඉදිරිපත් කරන රාජ්‍ය ආයතන අතුරෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස මා මේ සභාවෙන් ඉල්ලා සිටිනවා. එම සමාගම සම්බන්ධයෙන් විමර්ශන තුනක් සිදුකළා. මෙම රාජ්‍ය ආයතනය අපේ රටේ රාජ්‍ය තන්ත්‍රයට ඉතාම බරපතළ බරක් බවට පත්වී තිබෙනවා. ඒ බව මේ සභාවට අපි මේ වාර්තාව මගින් පෙන්වා දෙනවා. අපි කමිටු තුනක් පත් කර විමර්ශනය කළා. ඒවායින් අප යෝජනා කරන්නේ මෙම රාජ්‍ය ව්‍යාපාරය පිළිබඳව බරපතළ ආකාරයෙන් කල්පනා කළ යුතුයි කියලායි. ඒ නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපේ රටේ ජාතින ආර්ථිකයට කරන බරපතළ අහිතකර තත්ත්වය සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඉල්ලා සිටිනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment