ශ්‍රී ලංකන් එකෙන් තෙල් සංස්ථාවට බිලියන 89 ක පොල්ලක්

153

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 89ක මුදලක් ගෙවීමට ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත් කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

මෙය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මුල්‍ය තත්ත්වය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කර ඇත. මේ වනවිට තෙල් සංස්ථාව විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන්යානාවලට අවශ්‍ය ඉන්ධන නොදීම නිසා අවශ්‍ය ඉන්ධන ඉන්දියාවෙන් ලබා
ගැනීමට ගුවන් සමාගමට සිදු වී ඇත.

මෙම වර්ෂයේ මාර්තු මස 31 වැනිදා වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු මෙකී මුදලද ඇතුළුව වෙළෙඳ ණය හිමියන් වෙත ගෙවිය යුතු සමස්ත මුදල රුපියල් බිලියන 183ක් බව ද එම වාර්තාවේ සඳහන් වෙයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2021/2022 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 171ක පාඩුවක් ලබා ඇත. පසුගිය කාලයේදී ගුවන් සමාගම විසින් මෙකී අලාභය මූල්‍යකරණය කර ගැනීම සඳහා බැංකු ණය ලබා ගැනීම හා සැපයුම්කරුවන්ට කළ ගෙවීම් කල්දැමීම වැනි උපක්‍රම භාවිතා කළේය.

ලලිත් චමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment