ශ‍්‍රී ලංකන් රුසියාවට නොයයි

275

ශ‍්‍රීලංකන් ගුවන් සමාගම විසින් ශ‍්‍රී ලංකාව සහ රුසියාවේ මොස්කව් අතර සිදුකරන ගුවන් මෙහෙයුම් අද (28) සිට ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබේ. ගුවන් සමාගමේ පාලනයෙන් පිටත පවතින මෙහෙයුම් සීමා කිරීම් හේතුවෙන් මෙම තීරණය ගන්නා ලදී .

දැනට පවතින රුසියානු-යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියාවට ඇතැම් ජාත්‍යන්තර මූල්‍ය සහ ගුවන් යානා රක්ෂණ සීමාවන් පනවා ඇති අතර ශ‍්‍රීලංකන් ගුවන් සේවය රුසියාව වෙත සිදුකරන ගුවන් ගමන් මෙහෙයුම් සඳහා එම කාරණා සෘජුවම බලපානු ලබයි. ඒ අනුව, ශ‍්‍රීලංකන් ගුවන් සමාගම නැවත දැනුම් දෙන තුරු මොස්කව් වෙත ගුවන් මෙහෙයුම් සිදුනොකරනු ඇත.

නොවැලැක්විය හැකි හේතූන් මත ගුවන් සේවය ගනු ලැබූ මෙම තීරණයෙන් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව ගුවන් සමාගම සිය කණගාටුව ප‍්‍රකාශ කරයි. ශ‍්‍රීලංකන් ගුවන් සේවය රුසියාවේ තත්ත්වය අධීක්‍ෂණය කරමින් සිටින අතර තත්ත්වය යහපත් වූ පසු නැවත මෙහෙයුම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. ගුවන් ගමන් අත්හිටුවීමට පෙර ශ‍්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ මොස්කව් අතර සතිපතා ගුවන් ගමන් දෙකක් සිදුකරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment