ශ්‍රී ලංකන් වෙතින් ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන්ට ප්‍රතිලාභ රැසක්

174


ශ්‍රී ලංකන් ගුවන් සේවය ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන් සඳහා ප්‍රතිලාභ රැසක් හදුන්වාදී ඇත.

ඒ අනුව ශිෂ්‍ය සංචාරකයින්ට ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ ගමන් කරන විට මුදල් ආපසු දීමේ දීමනා සහ අතිරික්ත ගමන් මලු‍ දීමනා භුක්ති විඳීමට හැකිවේ.

සිසුන්ට ඔවුන්ගේ පළමු ගුවන් ටිකට්පත් මිලදී ගැනීමේදී ක්ෂණිකව සියයට 10 ක මුදල් ආපසු හිමිවන අතර ස්වයං-සංචාර සඳහා ප්‍රවේශපත්‍ර පහක් දක්වා මිලදී ගන්නා සෑම අවස්ථාවකදීම අමතර ටිකට් පතකටම සියයට 15 ක මුදල් ආපසු ඔවුන්ටම ලබා දෙනු ඇත. මීට අමතරව, සිසුන්ගේ දෙමාපියන් සහ භාර්යාව හෝ ස්වාමිපුරුෂයා විදේශයන්හි අධ්‍යාපනය ලබන අය බැලීම සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා විට සියයට පහක මුදල් ආපසු ගෙවීමක් ලබාදෙනු ඇත.
වැඩි විස්තර සහ වෙන් කිරීම් සඳහා http://www.srilankan.com/en_uk/special-offers/free-baggage-allowance-for-Students වේබ් අඩවි සඳහා පිවිසීමෙන් ලබාගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment