ශ්‍රී ලංකාවට ආවේණික තවත් දිවාසැරි හූනෝ දෙදෙනෙක්

251

ශ්‍රී ලංකාවට පමණක් ආවේණික තවත් ‘දිවා සැරි හූනන්’ දෙදෙනකු හඳුනා ගන්නට සත්ත්වවේදීහු සමත් වූහ.

හුදෙකලා ගල් කඳු දෙකක් වන අම්පාර දිස්ත්‍රික්කයේ ඇතාගලදී සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගිරිය දී මෙම හූනන් සොයාගෙන විiාලෝකය සඳහා නම් කර ඇත.

ප්‍රවීණ උරග විiාඥයකු වන සමීර සුරංජන් කරුණාරත්න මහතා ප්‍රමුඛ සත්ත්වවේදීන් විසින් හඳුනාගෙන ප්‍රකාශයට පත්කර ඇති මෙම හූනන් දෙදෙනා දෙහිවල සත්වෝiානයේ තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයන් දෙදෙනකුගේ නමින් නම් කර ඇත.

මේ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ ඇතාගලදී හමුවූ දිවාසැරි හූනා ප්‍රවීණ සත්ත්වවේදී ශාන්ත ජයවීර මහතාට උපහාරයක් ලෙස ‘ජයවීරගේ දිවාසැරි හූනා’ (Jayaweera’s day gecko – cnemaspis Jayaweerai) ලෙසත් ගල්ගිරියේදී හමුව ඇති දිවාසැරි හූනා ‘නානායක්කාරගේ දිවාසැරි හූනා’ (Nanayakkara’s day gecko – cnemaspis nanayakkara) ලෙසත් නම් කර ඇත.

මෙම සොයා ගැනීමත් සමග ශ්‍රී ලංකාවට ආවේණික දිවාසැරි හූනන් සංඛ්‍යාව 42 දක්වා වැඩිවෙයි. ඒ අනුව සමස්ත හූනන්ගේ ප්‍රමාණය 65 දක්වා වැඩිවන බවත්, නව හූනන් විශේෂ දෙක ගෝලීය වශයෙන් දැඩි තර්ජනයට ලක්වූ සතුන් දෙදෙනකු බවට අන්තර්ජාතික රතු දත්ත වාර්තාව සඳහා ඇතුළත් විය යුතුව ඇති බවත් සත්ත්ව විiාඥ සමීර සුරංජන් කරුණාරත්න මහතා ‘දිවයින’ට පැවසීය.
ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment