ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 8 ක අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානයෙන්…

186

එක්සත් ජනපදයේ ප්‍රකට ගෝලීය මානුෂීය සංවිධානයක් වන හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය පසුගිය මස ඩොලර් 908,547ක වටිනාකමකින් යුත් පළමු වෛද්‍ය සැපයුම් තොගය මෙරටට පරිත්‍යාග කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම ඖෂධ තොගය බෙදාහැරීමේ අරමුණින් 2022 ජූලි 13 වැනි දින එය සුරක්‍ෂිතව භාරගත්හ.

මින් ඉදිරියට ක්‍රියාත්මක වූ හාර්ට් ටූ හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, තානාපති මහින්ද සමරසිංහ මහතාගේ සහය ඇතිව ඇමරිකානු ඩොලර් 8,222,898.78ක (රු.3,042,061,403.66) වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර රැගත් දෙවැනි තොගය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පිරිනැමීම සඳහා අවශ්‍ය සියලුම රාජ්‍ය අනුමැතියන් ලබාගෙන ඇත. ශ්‍රී ලංකාව තුළ හිඟව ඇති සහ කඩිනමින් අවශ්‍ය කෙරෙන ඇමොක්සිලින්, පොටෑසියම් ක්ලෝරයිඩ්, පෙනිසිලින් සහ වෙන්ලෆැක්සීන් වැනි අත්‍යවශ්‍ය වේදනා නාශක සහ ප්‍රතිජීවක විශාල ප්‍රමාණයක් ඇතුළත් ඖෂධ මෙම පරිත්‍යාගයට ඇතුළත් වේ. හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය මේ වනවිට ඇමරිකානු ඩොලර් 9,131,455.78ක (රු.3,378,178,366.311) වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර මෙරටට පිරිනැමීම සඳහා පූර්ණ දායකත්වය ලබාදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment