ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ කාන්තා කණ්ඩායම මෙන්න

128

තරග 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නම් කර තිබේ.

නිගාර් සුල්ටානා ජොති එම කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරයි.
අප්‍රේල් 25 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බංග්ලාදේශ කාන්තා පිල සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය කාන්තා එක්දින ලෝක ශූරතාවේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ පැවත්වෙනු ඇත.

එම තරග අප්‍රේල් මස 29ල මැයි 02 සහ මැයි 04 යන දිනවලදී පැවැත්වෙනු ඇත.

එක්දින තරගාවලියෙන් පසු පැවැත්වෙන විස්සයි -20 තරගාවලිය මැයි මස 09 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම – නිගාර් ජෝති (නායිකා), ෆර්ගනා හක්, ශමිමා සුල්තානා, ෆහිමා කටුන්, මුර්ශිඩා කටුන්, ජයානදා අක්තාර්, සෝභනා මොස්ටරි, ලටා මොනඩල්, ෂෝර්නා අක්ටර්, නහිඩා අක්ටර්, ෆරිහා ඉස්ලාම්, රිතූ මෝනි, දිශා බිස්වාස්, රෙබෙයා ඛාන්, සුල්ටානා කටුන්

advertistmentadvertistment
advertistmentadvertistment