ශ්‍රී ලංකාවට එන විදේශිකයන්ට නව වාස වීසා ක්‍රමයක්

230

පවතින විදේශ සංචිත අර්බුදයට පිළියමක් ලෙස මෙතෙක් මෙරට ක්‍රියාත්මක කෙරුණු විදේශිකයන් සඳහා දීර්ඝ කාලීන වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනසකට ලක් කරමින් නව වාස වීසා ක්‍රමයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.

මේ සඳහා පෙරේදා (25 වැනිදා) පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය ඇමැති ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය. මේ අනුව මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ වැදගත් තැනක් ගන්නා මහල් නිවාස සංකීර්ණවල ඇමරිකානු ඩොලර් 75,000 සිට ලක්‍ෂ දෙක දක්වා ආයෝජනය කරන විදේශිකයන්ට වසර 5 සිට වසර 10 දක්වා වලංගු වන පරිදි වීසා බලපත්‍ර ලබාදීමට නියමිත බවද ඇමැතිවරයා සඳහන් කළේය. එයට අමතරව යම් විදේශිකයකු ශ්‍රී ලංකාවට පැමිණ ඇමරිකානු ඩොලර් 100,000 ක මුදලක් මහ බැංකුවේ හෝ වෙනත් වාණිජ බැංකුවක තැන්පත් කළහොත් ඔවුනට දසවසරක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට වීසා නිකුත් කෙරෙනු ඇත. රජය ක්‍රියාත්මක කිරීමට සැරසෙන මෙම නව වැඩපිළිවෙළ ‘රන් පාරාදීස වීසා වැඩසටහන’ ලෙසින් නම් කර තිබේ.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment