ශ්‍රී ලංකාවට එරෙහිව තවත් ජිනීවා වාර්තා 4 ක්

319

ශ්‍රී ලංකාවට එරෙහිව තවත් ජිනීවා වාර්තා 4ක් ඉදිරි වර්ෂවල මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

මේ නිසා මානව හිමිකම් කවුන්සිලය ගිනස් වාර්තාවක් තබා තිබේ. ඒ එකම රටකට එරෙහිවන මානව හිමිකම් වාර්තා රැසක් ගොනු වීමයි.

ඊශ්‍රායලයට එරෙහිව ද වාර්තා රැසක් කෙටුම්පත් වී ඇති අතර එම වාර්තා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වී නැත. ඇමරිකානු රජය විසින් මානව හිමිකම් සමුළුවට එල්ල කරන දැඩි බලපෑම් නිසා එම වාර්තා ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත.

මේ අතර යේමනයේ යුද්ධයට සෞදි අරාබියාව මැදිහත් වීම ගැන නෙදර්ලන්තය ගොනු කළ යෝජනාවත් ඇමරිකාව මැදිහත් වී ඉවත් කර තිබේ.

මීළඟ 52 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව 2023 මාර්තු මස පැවැත්වේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment