ශ්‍රී ලංකාවට එවන්න සූදානම් කළ අලුත්ම කේරළ ගංජා ප්‍රභේදයක් තූත්තුකුඩියේදී අත්අඩංගුවට

87

මෙතෙක් ශ්‍රී ලංකාවට එවා නොමැති කේරළ ගංජා අලුත්ම ප්‍රභේදයක කිලෝ ග්‍රෑම් 450 ක් ඉන්දියාවේ තූත්තුකුඩි දරුවායිකුලම් සිට මන්නාරමට එවීමට සූදානම් කොට තිබියදී තූත්තුකුඩි පොලීසිය විසින් 16 දා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය එහි යන විට එම කේරළ ගංජා තොගය වාහනයකට පටවමින් සිටි සැකකරුවන් හතර දෙනා පලාගොස් ඇති අතර පසුව පොලීසිය විසින් ඉන් දෙදෙනෙකු වෙල්ලපට්ටි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් විසින් කේරළ ගංජා ප්‍රවාහනය කිරීමට යොදා ගත් වාහනයද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් අයෙකු මන්නාරමේ පදිංචිකරුවකු වන අතර අනෙක් තැනැත්තා ඉන්දීය ජාතිකයෙකි.

සැකකරුවන් හා අලුත්ම ප්‍රභේදයේ කේරළ ගංජා තොගය තූත්තුකුඩිය පොලීසිය වෙත රැගෙන ගොස් තිබේ.

පොලීසිය පවසා ඇත්තේ මීට පෙර කිසිම දිනක මෙම අලුත්ම කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

මෙම අලුත්ම ප්‍රභේදයේ කේරළ ගංජා කිලෝවක් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 80000 ක් පමණ වන බවත් මෙම මුළු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 360 ක් පමණ වන බවටත් තූත්තුකුඩි පොලීසිය ගණන් බලා ඇත.

එම කේරළ ගංජා විශේෂය මල් හා ඇට සහිතව ඇති විශාල පත්‍ර වලින් යුත් කේරළ ගංජා විශේෂයක් බවද තූත්තුකුඩි පොලීසිය ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment