ශ්‍රී ලංකාවට කඩුලු 04ක ජයක්

500

විස්සයි විස්ස තෙවැනි ක්‍රිකට් තරගයේ දී ඕස්ට්‍රේලියාව ලබාගත් ලකුණු 176ට එරෙහිව ලකුණු 177ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රීලංකා කණ්ඩායම පන්දුවාර 19.5 ක් අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 177ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.එහිදී විශිෂ්ට පිති හරඹයක නිරතවූ නායක දසුන් ශානක පන්දු 25කදී නොදැවී ලකුණු 54ක් ලබා ශ්‍රීලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක ජයක් හිමි කර ගත්තේය.චරිත් අසලංක 26ක් සහ පැතුම් නිශ්ශංක 27ක් ලබා ගත්හ.පන්දු යැවීමේදී ජොෂ් හසල්වුඩ් 25/2, මාක්ස් ස්ටොනිස්8/2 ක් ලෙස කඩුලු ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment