ශ්‍රී ලංකාවට ගෑස් දෙන්න සමාගම් දෙකක් අතර අවුලක්!

807

මෙරටට ගෑස් විකිණීම පිළිබඳව ඕමාන් ට්‍රේඩින් සමාගම සහ තායිලන්තයේ සියම් ගෑස් සමාගම අතර බරපතළ අර්බුදයක් ඇතිවී ඇත.

සියලු ගෑස් සමාගම් ගෑස් මෙට්‍රික්‌ ටොන් එකක් ඩොලර් 96 කට ලබාදීමට කැමැත්ත පළකර ඇති අතර ඕමාන් ට්‍රේඩින් සමාගම ඩොලර් 129 කට මිල නියම කර තිබේ.

මේ නිසා කැබිනට් මණ්ඩලය මැයි 3 දා සියම් ගෑස් සමාගමට ගෑස් ටෙන්ඩරය ලබාදීමට අනුමැතිය දී ඇත. එහෙත් එකවරම එම ටෙන්ඩරය අවලංගුවී යළි ඕමාන් ට්‍රේඩින් සමාගමට ටෙන්ඩරය ලබාදී තිබේ.

මේ නිසා යළි ගෑස් මිල වැඩිවන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

සියම් ගෑස් සමාගමේ ගෑස් ටෙන්ඩරය අවලංගු කිරීමට මුල්වී ඇත්තේ රජයේ බලවත් නිලධාරියකුගේ පුත්‍රයෙක් බව ආරංචි මාර්ග හෙළිකර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment