ශ්‍රී ලංකාවට ගොඩ යන්න නම් ආර්ථිකය අපනයනය මත පදනම් විය යුතුයි – මහ බැංකු අධිපති

419

විදේශීය විනිමය වියදම් කරන ප්‍රමාණයට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් උපයන රටක් බවට අප රට පරිවර්තනය කර නොගත්තොත් නැවත නැවතත් විදේශ විනිමය අර්බුදයන්ට මුහුණ දීමට රටට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කීවේය.

අපට එම වෙනස ඇති කර ගන්නට වෙන බවද මහ බැංකු අධිපතිවරයා කියයි. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන මහ බැංකු අධිපතිවරයා මෙසේද කියා සිටියේය.

ඓතිහාසිකව අපේ තිබෙන්නේ ආනයන මත පදනම් වූ ආර්ථිකයක්. ඒ නිසා උපයන විදේශ විනිමය ප්‍රමාණයට වඩා වැඩියි වියදම් කරන විදේශ විනිමය ප්‍රමාණය. ඒක කෙටි කාලයකට එහෙම කරගෙන ගියාට කමක් නෑ. ඒත් එහෙම දිගටම ගියොත් ණය අරගෙන ගොඩ එන්න පුළුවන්. ඒත් දිගටම ණය ගත්තම අපේ වගේ ගෙවා ගන්න බැරි තත්ත්වයකට පත්වෙනවා. ඒ නිසා ඒ ක්‍රමය වෙනස් කර ගත යුතුයි. ඒ සඳහා ඇති ක්‍රමය ආනයන මත පදනම්වූ ආර්ථිකය අපනයන මත පදනම් වූ ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීමයි. අපේ රට එසේ අපනයන වෙත නැඹුරු වූ ආර්ථිකයකට නොගිය නිසා තමයි අපට පසුගිය වසර 60 ක් 70 ක් තිස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට 16 වතාවක් යන්න සිදුවුණේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment