ශ‍්‍රී ලංකාවට දරුණු පරාජයක්

230


ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති පළමු ටෙස් ක‍්‍රිකට් තරගයේ දී ඉනිමක සහ ලකුණු 222ක ජයක් ඉන්දියාවට හිමිවිය.ඉන්දියාව කඩුලු 08කට ලකුණු 574ක් ලබා සිය පළමු ඉනිම අත්හිටුවීය. ශ‍්‍රීලංකාවට සිය පළමු ඉනිමේදී ලබාගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 174කි.ලකුණු 400ක් පසුපසින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 178කි පමණි.එහිදී නිරෝෂන් දික්වැල් නොදැවී ලකුණු 51 ලබාගත්තේය.පන්දු යැවීමෙන් රවීන්ද‍්‍ර ජඩේජා ලකුණු 46ට කඩුලු 04ක් ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment