ශ්‍රී ලංකාවට දෙන සහාය ඉන්දීය විදේශ ඇමති පවසයි

143

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා හමුවී තිබේ.ඊයේ රාත්‍රියේ එම හමුව සිදුව ඇති අතර එහිදී දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී තිබේ. යටිතල පහසුකම්, බලශක්ති, කර්මාන්ත සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් මෙරටට ආයෝජන ප්‍රවාහයන් තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවය . ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු හමුවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment