ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම වැඩිවෙයි

346

රටට සංචාරකයන් පැමිණීමේ වර්ධනයක් ඇතිවී තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය ‘දිවයින’ ට ඊයේ (25දා) පැවසුවාය.

පසුගිය දිනවල රටේ ඇතිවී තිබූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ සංචාරකයන් පැමිණීම දෛනිකව 1000 කට අඩුවෙන් පැවතියත් මේ වනවිට දිනපතා සංචාරකයන් දහස ඉක්මවා ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින බවද ඇය කීවාය.

දැනට පැමිණෙන සංචාරකයන්ට ඉන්ධන අර්බුදයෙන් බලපෑමක් පවතින බවත් එය යථා තත්ත්වයට පත්කරගත හැකි නම් ප්‍රවාහනය, විදුලි කප්පාදුව ඇතුළු අර්බුද රැසකට සහනයක් ලැබෙන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment