ශ්‍රී ලංකාවට සහල් සහ බෙහෙත් දෙන්න තමිල්නාඩුවෙන් යෝජනාවක්

165

සහල් සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා තමිල්නාඩු රජය යෝජනාවක් සම්මත කරගෙන ඇත. මෙම යෝජනාවට අන්නා ඩි. එම්. කේ. පක්‍ෂය සහ බී. ජේ. පී පක්‍ෂය ද සහාය දක්වා තිබේ.

තමිල්නාඩු මහ ඇමැති එම්. කේ. ස්ටාලින් ඉදිරිපත් කළ මෙම යෝජනාව ඒකමතිකව සම්මත කර ඇත. ඉන්දීය විදේශ ඇමැති ජායි ශන්කර් මහතා පැවසුවේ තමිල්නාඩු රජයේ එම යෝජනාව ගැන කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දී ඇති බවයි.

ශ්‍රී ලංකාවට සහනාධාර සැපයීම සඳහා ඉන්දීය රජය සමග එක්ව කටයුතු කරන ලෙස තමිල්නාඩු ප්‍රධාන ලේකම්වරයා දන්වා ඇතැයි ද විදේශ ඇමැතිවරයා තවදුරටත් සඳහන් කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment