ශ‍්‍රී ලංකාවට හති වැටෙන අභියෝගයක් – ඉන්දු – ශී‍්‍ර ලංකා දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය

311

පළමු ඉනීමේදී ලද අත්දැකීම් උපයෝගි කර ගනිමින් සංයමයෙන් යුතුව සිය දෙවැනි ඉනිම කී‍්‍රඩා කළ ඉන්දීය පිතිකරුවෝ ශී‍්‍ර ලංකාව සමගින් කි‍්‍රයාත්මක දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (13 වැනිදා) දිනයේ දෙවැනි අර්ධය නිමාවනවිටදී කඩුලූ 5ක් දැවී ලකුණු 199ක් ලබා ගැනීමට සමත්වී සිටියහ. එ් ශී‍්‍ර ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 342ක පළමු ඉනිමේ වාසියක්ද සමගිනි.

බැංගලෝරයේ චින්නස්වාමි කී‍්‍රඩාංගණයේදී දිවා රාති‍්‍ර තරගයක් ලෙසින් කි‍්‍රයාත්මක දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනට ඊයේ තරගය ආරම්භ කරන විටදී සිය පළමු ඉනිම කී‍්‍රඩා කරමින් සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 6ක් දැවී ලකුණු 86ක් ලබා සිටියේය. එ් අනුව තරගය කි‍්‍රයාත්මක වී පන්දු වාර 5යි එක් පන්දුවක් තුළදී මුළු ලකුණු 23ක් ශී‍්‍ර ලංකා ඉනිමට එකතු වෙද්දී අවසන් කඩුලූ 4 දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ.

 එ් අනුව මුළු ලකුණු 109කට ශී‍්‍ර ලංකා පළමු ඉනිම නතර කර දැමූ සත්කාරකයෝ ලකුණු 143ක පළමු ඉනිමේ වාසිය සමගින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළේය.

 පළමු දිනයේදී දඟ පන්දු යවන්නන්ට පාරාදීසයක් බවට පත්වූ චින්නස්වාමි තණ්තීරුවේදී ලසිත් ඇඹුල්දෙනිය, ධනංජය ද සිල්වා සහ ප‍්‍රවීන් ජයවික‍්‍රම යළිත් කි‍්‍රයාත්මක වෙද්දී සංයමයෙන් යුතුව ඉනිම දියත් කළ ඉන්දීය ආරම්භක පිතිකරු යුගලය සිය පළමු කඩුල්ලට ලකුණු 42ක් එක් කළේය. එම සම්බන්ධතාවයට තිත තැබූ ඇඹුල්දෙනිය මායනක් අග‍්‍රාවල් ලකුණු 22කට පිටියෙන් ඉවත් කර දැමීමට සමත්විය.

 නායක රෝහිත් ෂර්මා ලකුණු 46ක් ලබා සිටියදී ධනංජය ද සිල්වාගේ ගොදුරක් බවට පත්ව ඇන්ජලෝ මැතිව්ස් අතට උඩපන්දුවක් ලබා දී දැවී ගියේය. ඉකමන් අර්ධ ශතකයක් වාර්තා කළ රිශාබ් පන්ට් පන්දු 31කදී එය සම්පූර්ණ කිරීමට සමත්විය. ඊට හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් ඇතුළත් විය. එම ඉක්මන් ඉනිමට තිත තැබීමට ප‍්‍රවීන් ජයවික‍්‍රම සමත්විය.

ශ‍්‍රී ලංකාවට හති වැටෙන අභියෝගයක් - ඉන්දු - ශී‍්‍ර ලංකා දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය
advertistmentadvertistment
advertistmentadvertistment