ශ්‍රී ලංකාවට හදිසි  ආධාර ලබාදීමට ලෝක බැංකුව සූදානම්

463

ශ්‍රී ලංකාව හදිසි ආධාර සැපයීමට සූදානම් බවට ලෝක බැංකුව පවසා ඇත.

පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කිරීමට ඔවුන් ඉදිරිපත් වන බව ද ලෝක බැංකුව පවසා ඇත.

ලෝක බැංකුවේ දකුණු ආසියා නියෝජ්‍ය ප්‍රධානී ගාර්ට්විග් ගාෆර් පවසන්නේ ශ්‍රී ලංකාවේ මුදල් ඇමැති අලි සබ්රි සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සමග අදාළ කරුණු සාකච්ඡා කළ බවයි.

ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය සමායතනයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග ශ්‍රී ලංකා නියෝජිතයන් මේ සාකච්ඡා සිදු කර ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහාය වීම ශක්තිමත් කිරීම සඳහා තිරසාර විසඳුම් සෙවීමට ශ්‍රී ලංකා රජය සමග එක්ව කටයුතු කිරීමට ඇති කැපවීම එම ආයතන දෙකම අවධාරණය කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment