ශ්‍රී ලංකාවට හදිසි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අවශ්‍යයි ලෝක බැංකුව කියයි

478

ශ්‍රී ලංකාව දරාගත නොහැකි ණය සහ ගෙවුම් ශේෂ අභියෝගවලට මුහුණ දෙමින් සිටින බව ලෝක බැංකුව පවසයි.

මූල්‍ය හා බාහිර අසමතුලිතතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම බෙහෙවින් අවිනිශ්චිත බව ද ලෝක බැංකුව කියයි. ඉහළ මට්ටමේ ණය සහ ණය සේවාවලට විසඳුම් සෙවීම, මූල්‍ය හිඟය අඩු කිරීම, බාහිර ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ දිළිඳු හා අවදානමට ලක්වූවන් කෙරෙහි අහිතකර බලපෑම් අවම කිරීම සඳහා හදිසි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අවශ්‍ය බව ලෝක බැංකුව කියයි.

කලාපීය තත්ත්වය යාවත්කාලීන කරමින් වසරකට දෙවතාවක් ලෝක බැංකුව නිකුත් කරන වාර්තාවේ මේ බව දැක්වෙයි. දකුණු ආසියාවේ රටවල් දැනටමත් භාණ්ඩ මිල ඉහළ යෑම, සැපයුම් අවහිරතා සහ දුර්වලතා සමග පොරබදමින් සිටිති. මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හඩඩ්-සර්වෝස් පැවසුවේ, “ශ්‍රී ලංකාවේ අවිනිශ්චිත ආර්ථික දැක්ම සහ මිනිසුන්ට ඇති වන බලපෑම පිළිබඳව ලෝක බැංකුව දැඩි අවධානයෙන් පසුවන බවය. ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා දිළිඳු සහ අවදානමට ලක්විය හැකි ගෘහයන් සඳහා හදිසි ආධාර සැපයීමට අපි කටයුතු කරමින් සිටින අතර, ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපැවැත්ම සඳහා සහ සාමූහික ක්‍රියාමාර්ග අවශ්‍ය වන බව ද ලෝක බැංකුව කියයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 2.4 දක්වා මේ වසරේ (2022) දී පහත වැටෙනු ඇති බවට ද ලෝක බැංකුව පුරෝකථනය කර තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment