ශ්‍රී ලංකාවෙන් ශතක දෙකක්

391


ශ්‍රී ලංකාව සහ සංචාරක අයර්ලන්ත කණ්ඩායම අතර ගාල්ල ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන පළමු ටෙස් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සහ උප නායක කුසල් මෙන්ඩිස් ශතක දෙකක් වාර්තා කිරීමට සමත්වූහ.දිමුත් කරුණාරත්න සිය 15 වැනි ටෙස් ශතකය ලෙසද කුසල් මෙන්ඩිස් සිය 08 වැනි ටෙස් ශතකය ලෙසද මෙලෙස වාර්තා කරනු ලැබූහ.ඒ අනුව හ්‍රීලංකා කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 276ක් ලබා සිටී.දිමුත් නොදැවී ලකුණු 130ක් ද කුසල් නොදැවී ලකුණු 111ක් ද ලබා සිටිති.ආරම්භක පිතිකරු ලෙස පැමිණි නිෂාන් මධූෂ්ක 29කට දැවී ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment