ශ‍්‍රී ලංකාවේ 300 වැනි සටනට පළමු දිනට ඉන්දියාවෙන් 357 ක්

258

ශී‍්‍ර ලංකාවේ 300 වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය සහ හිටපු ඉන්දීය කි‍්‍රකට් නායක විරාත් කෝලිගේ 100 වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය ලෙසින් මොහාලි කී‍්‍රඩාංගණයේදී ඊයේ (04 වැනිදා) ආරම්භ වූ ශි‍්‍ර ලංකා – ඉන්දියා පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය නිමා වනවිට ඉන්දීය කණ්ඩායම කඩුලූ 6ක් දැවී ලකුණු 357ක් රැස් කරගෙන සිටියේය.

එය මොහාලි කී‍්‍රඩාංගණයේ ටෙස්ට් තරගයකදී පළමු ඉනිමේ කණ්ඩායමක් රැස් කළ හැකි යැයි අපේක්ෂා කරන සාමාන්‍ය ලකුණු අගයට සමාන නමුත් සත්කාරක ඉන්දියාව තවත් කඩුලූ 4ක් අතැතිව සිටීම ශී‍්‍ර ලංකාවට හිසරදයක් වනු ඇත.

ඉන්දියාව වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ රිෂාබ් පාන්ට්ගේ සහාය ද ඇතිව ලකුණු 4.2ක සමාන වේගයක් එක් පන්දුවාරයකට රඳවා ගැනීමට සත්කාරකයින් සමත් වූ අතර රිෂාබ් පාන්ට් පන්දු 97කදී ලකුණු 96ක් ලබා ගත්තේය.

ලසිත් ඇඹුල්දෙනිය කි‍්‍රයාත්මක කළ තරගයේ 76 වැනි පන්දු වාරයේදී ලකුණු 22ක් ලබා ගෙන රිෂාබ් තම ප‍්‍රවේගකාරී බව මනාවට ඔප්පු කළ අතර එම පන්දු වාරයේ මුල් පන්දු දෙකට ඉදිරියට පැන 6 පහර දෙකක් එල්ල කළ පාන්ට් තුන්වැනි සහ 6 වැනි පන්දුවලට 4 පහර දෙකක් එල්ල කළේය.

ඇඹුල්දෙනිය හමුවේ පමණක් නොනැවතුණු පාන්ට් ධනංජය ද සිල්වාගේ පන්දු හමුවේ ද පිට පිට 4 පහරක් සහ 6 පහරක් මෙන්ම තවත් අවස්ථාවකදී පිට පිට හතරේ පහර දෙකක් ද එල්ල කළ ද සිය අවසන් ටෙස්ට් තරගාවලියට සහභාගි වන සුරංග ලක්මාල් ශී‍්‍ර ලංකාවේ ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නා දෙවෙනි පන්දුවෙන් කි‍්‍රයාත්මක කළ 05 වැනි පන්දුවේදී ශතකයට ලකුණු 4ක් මෙපිටින් කී‍්‍රඩාගාරයට යෑමට පාන්ට්ට සිදු විය. පාන්ට් සහ ජඬේජා අතර ලකුණු 100ක සම්බන්ධතාවක් පන්දු 108ක් තුළදී වාර්තා වූ අතර 81 වැනි ඕවරයේදී පාන්ට් දැවී යන විට ඉන්දීය ඉනිම කඩුලූ 6ක් දැවී ලකුණු 332 ක් ලෙස සටහන් විය.

සිය සියවෙනි ටෙස්ට් තරගයට කී‍්‍රඩා කරන විරාත් කෝලි ඉන්දීය කණ්ඩායමේ 4 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි අතර ඔහු සිය සියවෙනි තරගය ලකුණු සියයකින් සමරනු ඇතැයි අපේක්ෂාවෙන් මොහාලි කී‍්‍රඩාංගණයට රැස්ව සිටින ඉන්දීය පේ‍්‍රක්ෂකයන්ගේ මුහුණු ඇඹුල් කරමින් ඇඹුල්දෙණිය කෝලිගේ කඩුල්ල බිඳ දැමුවේය.

පන්දු 76කදී සංයමයකින් යුතුව ලකුණු රැස් කරමින් සිටි කෝලි ඇඹුල්දෙණියගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 45කට කී‍්‍රඩා පිටියෙන් ඉවත් වූ අතර එම පන්දුව කෙසේ කඩුල්ල වැදුණාදැයි මද වේලාවක් වික්ෂිප්තව බලා සිටි කෝලි කී‍්‍රඩා ලෝලින්ගේ ආචාරය මැද පිටියෙන් ඉවත් වූවේය. ඒ අතරතුරදී කෝලි සිය 8000 වැනි ටෙස්ට් ලකුණ මෙම තරගයේදී වාර්තා කළ අතර ඉන්දියාව වෙනුවෙන් අඩුම ටෙස්ට් තරග ප‍්‍රමාණයකදී ලකුණු 8000 සීමාව පසු කර ගිය 5 වැනි කී‍්‍රඩකයා බවට කෝලි පත් වූවේය. එහි පෙරමුණේ සිටින්නේ ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු රාහුල් ඩාවිඞ්ය.

පන්දුවාර 20-20 කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට විශාලතම හිසරදය වූ ශී‍්‍රයර්ස් අයියර් ලකුණු 27කට ධනංජය ද සිල්වාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. ඒ වනවිට ඉන්දීය ඉනිම ලකුණු 228කට කඩුලූ 5ක් ලෙසින් දිස් වූ අතර තමාට එරෙහිව පැමිණි තීරණය තෙවැනි විනිසුරුට අයියර් යොමු කළ ද ඔහුට ඉන් සහනයක් නොලැබුණි. ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නායක රෝහිත් ෂර්මා ලකුණු 29කට දැවී ගිය අතර ලහිරු කුමාර යොමු කළ කෙටි පන්දුවකට ෆුල් පහරක් එල්ල කිරීමට ෂර්මා උත්සාහ කිරීමේදී උඩ ගිය පන්දුව සුරංග ලක්මාල් විසින් රැක ගන්නා ලදී. ඔහුගේ සහායක ආරම්භක පිතිකරුවා වූ මායනික් අග‍්‍රවාල් ෂර්මාට වඩා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වුව ද ලසිත් ඇඹුල්දෙනිය හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව අග‍්‍රවාල් ලකුණු 33කට දැවි ගියේය. රිෂාබ් පාන්ට් ට අමතරව ඉන්දියාව වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ හනුමා විහාර් ඉන්දියාව වෙනුවෙන් වැඩිම පන්දු සංඛ්‍යාවකට කී‍්‍රඩා කළ කී‍්‍රඩකයා වූ අතර ඔහු ලකුණු 58ක් රැස් කළේය.

දිනය නිමා වනවට නොදැවී කඩුල්ලේ රැඳී සිටි රවින්ද්‍ර ජඬේජා ලකුණු 45ක් ද, රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 10ක් ද රැස් කරගෙන සිටි අතර දිනය නිමා වනවිට ඉන්දියාව පන්දු ඕවර 85කට මුහුණ දී තිබුණි.

ලකුණු සාරංශය

ඉන්දියාව පළමු ඉනිම 357/6 මායන්ක් අග‍්‍රවාල් 33, රෝහිත් ෂර්මා 29, හනුමා විහාර් 58, විරාත් කෝලි 45, රිෂාබ් පාන්ට් 96, ශි‍්‍රයර්ස් අයියර් 27, රවීන්ද්‍ර ජඬේජා නොදැවී 45, රවිචන්ද්‍රන් අශ්වින් 10

පන්දු යැවීම

සුරංග ලක්මාල් 16-63-1, විශ්ව ප‍්‍රනාන්දු 16-69-1, ලහිරු කුමාර 10.5-52-1, ලසිත් ඇඹුල්දෙනිය 28-107-2, ධනංජය ද සිල්වා 11-47-1, චරිත් අසලංක 3.1-14-0

advertistmentadvertistment
advertistmentadvertistment