ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන  2020 ජනවාරියේ අනතුරු  ඇඟවුවත් තැකීමක් කර නැහැ

209

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා බරපතළ තත්ත්වයකට පත්ව ඇතැයි 2020 ජනවාරි මස මුදල් අමාත්‍යාංශයේ බාහිර සම්පත් දෙපාර්තමේන්තුව රහසිගත වාර්තාවක් මගින් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රජයට අනතුරු ඇඟවුවත් ඒ ගැන තැකීමක් කර නැත.

අපනයන ආදායම් මෙන්ම විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ආදායම්ද සියයට 50කින් අඩුවී ඇති බව මෙම රහසිගත වාර්තාවෙන් තවදුරටත් දන්වා තිබුණි. එම තොරතුරු 2020 මැයි 13 දා අමාත්‍ය මණ්ඩලය වෙතද යොමුවී තිබුණි. එහෙත් ආර්ථිකය නඟා සිටුවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ රජය එකී අනතුරු ඇඟවීම ගැන අවධානය යොමුකර නැත.

2019 ජනාධිපතිවරණයෙන් පසු මෙරට ආර්ථිකය ක්‍රමක් ක්‍රමයෙන් පහත වැටෙන බව මුදල් අමාත්‍යාංශ බාහිර සම්පත් දෙපාර්තමේන්තුව රජයේ බලධාරීන්ට දන්වා තිබුණි.

කීර්ති වර්ණකුලසූරිය

 

advertistmentadvertistment
advertistmentadvertistment