ශ්‍රී ලංකාවේ  ආර්ථිකය නංවන්න ඔස්ටේ්‍රලියානු සහය

144

ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සහාය වන බව ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා පවසයි.

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඉකුත් 04 වැනිදා පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේ දී ඩේවිඩ් හොලි මහතා මේ බව සඳහන් කළේය.

 ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික ගැටලුව පිළිබඳ ඔස්ටේ්‍රලියාව මනා අවබෝධයෙන් පසු වේ. තනි රටක් මෙරටට ලබාදුන් වැඩිම මානුෂීය ආධාර මුදල ලෙස ඩොලර් මිලියන 50ක් එරටින් පිරිනැමිණ. මෙය ආරම්භයක් පමණි. ඉදිරියටත් අනිකුත් ක්ෂේත්‍ර වෙනුවෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය වන බව ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස්වරයා පැවසීය.

 නාවික හා නීතිවිරෝධි සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඇති අවබෝධතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක් වූ අතර ඔස්ටේ‍රලියානු ආයෝජන ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව හොලි මහතා සඳහන් කරනු ලැබීය.

 දෙරට අතර 75වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ ජනාධිපතවරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔස්ටේ‍රලියාව දක්වන සමීප සහයෝගීතාව පැසසුමට ලක් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment