ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන ගැටලු බලය යොදා විසඳීමට බැහැ – එ. ජා. මානව හිමිකම් කාර්යාලය

142

බලය යෙදවීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන ගැටලු විසඳීමට හැකියාවක් නැතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

ගාලුමුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව බලය යෙදවීම ජාත්‍යන්තර නීතියට පටහැනි බව ද එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේය.

සෑම ශ්‍රී ලාංකිකයකුටම නිදහසේ තම අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් මෙන්ම සාමකාමී ලෙස එක්රැස්වවීමට ද අයිතියක් තිබෙන බවත්, ශ්‍රී ලංකාවේ දැනට පවතින තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන අතර අරගලවල නිරත වූ විරෝධතාකරුවන්ට සාධාරණයක් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික හා දේශපාලන අර්බුද බලහත්කාරයෙන් විසඳිය නොහැකි බවත් ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ඇතිව ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය යළි ගොඩනැංවීම ආරම්භ කළ හැකි වන්නේ නිවැරදි සහ සෘජු සංවාදවලින් පමණක් බවත් ඔහු පැවසීය. නව ජනාධිපතිවරයා මෙන්ම ආණ්ඩුව ද නව ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ තුළින් ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ඔහු අවධාරණය කරයි.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment
advertistmentadvertistment