ශ්‍රී ලංකාවේ ඉහළටම දූෂණ ක්‍රියා සිදුවෙලා – ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්

545

ශ්‍රී ලංකාවේ ඉහළ පාර්ශ්වයන් දක්වා දූෂණ ක්‍රියා සිදුවී ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය දොපර්තමේන්තුව සිය අලුත්ම වාර්තාවෙන් අනාවරණය කර ඇත.

එසේම ආරක්‍ෂක අංශ පොලිසිය සහ හමුදාවන්ට එල්ලවී ඇති බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් රජය ක්‍රියාකර නැතැයි ද එම වාර්තාවේ තවදුරටත් දක්වා තිබේ.

චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන්ගේ නඩුවලින් ඔවුන් නිදහස් කිරීම ඔවුන්ට ඉහළ තනතුරුදීම ඇතුළු සිද්ධීන් රැසක් ගැන ද ඇමරිකානු රජය ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කර තිබේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කළ බරපතළම වාර්තාව මෙයයි.

පිටු 30කට අධික සංඛ්‍යාවකින් යුක්ත මෙම වාර්තාවෙන් පාතාල කල්ලි යැයි දක්වන කල්ලිවල අටදෙනෙකු ඝාතනය කිරීම ගැන පොලිසියට චෝදනා එල්ලවී ඇත. කොස්ගොඩ තාරක ඌරුජුවා වැන්නවුන්ගේ නම්ද එම වාර්තාවේ තවදුරටත් දක්වා ඇත.

එසේම චෝදනා එල්ලවූ ආරක්‍ෂක හමුදා නිලධාරීන්ට මුක්තිය හිමිවීම ද ඇමරිකානු රජය වැරැද්දක් ලෙස දක්වා ඇත.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment