ශ්‍රී ලංකාවේ ඊළඟ ගොවි පරපුර බලගන්වන කාගිල්ස් ‘සරුබිම’ ශිෂ්‍යත්ව ප්‍රදානය

92
කාගිල්ස් සරුබිම ශිෂ්‍යත්ව ප්‍රදානය හිමිවූ පාසල් දරු දැරියන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු. ඡායාරූප නිශාන් එස්. ප්‍රියන්ත

වේගයෙන් වර්ධනය වන ගොවි සාමාජික ජාලය සහ තිරසර වෙළඳපොළක් ගොඩනැගීමට සිදු කරන ආයෝජන සමඟ කාගිල්ස් මේ වන විට රට පුරා ගොවීන් දහස් ගණනකගේ ජීවිත ඉහළ නංවා ඇත. ගොවියන්ගෙන් ඍජුව මිලදී ගැනීම් සිදු කළ හැකි එකතු කිරීමේ මධ්‍යස්ථාන සහ ශීතකරණ සහිත ට්‍රක් රථ සහ අනෙක් කටයුතු සඳහා සිදු කරන ආයෝජන හරහා කාගිල්ස් කෘෂි මෙහෙයුම් ජාලය දේශයේ සාර්ථකම ඇගයුම් දාමයක් බවට පත්ව ඇත.

2008 වසරේදී කාගිල්ස් විසින් ‘සරුබිම’ ගොවි සුබසාධන පදනම තණමල්විලදී ස්ථාපිත කරන ලදී. මේ හරහා ගොවීන්ගේ අස්වැන්නෙන් සෑම කිලෝ එකකට ශත 50 බැගින් ගොවීන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වන ශිෂ්‍යත්ව වැඩසටහනකට බැර වුණි. මෙම ශිෂ්‍යත්වය 5 ශේණියේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන් හි ඉහළ ප්‍රතිඵල දැක්වූ ගොවි පවුල්වල දරුවන් හට හිමි වේ. මෙම දායකත්වය අද දක්වාම ක්‍රියාත්මක වේ. එසේම මෙම පදනමෙන් කොටසක් ආරක්ෂිත පානීය ජලය සැපයීම සහ ග්‍රාමීය පාසල්වල ක්‍රීඩාංගණ සෑදීම වැනි ව්‍යාපෘති සඳහාද වෙන් කෙරේ.

ශ්‍රී ලංකාවේ ඊළඟ ගොවි පරපුර බලගන්වන කාගිල්ස් ‘සරුබිම’ ශිෂ්‍යත්ව ප්‍රදානය
කෘෂිකර්ම අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්‍ෂ ආචාර්ය නිරෝෂන් ගමගේ මහතා විසින් කාගිල්ස් සරුබිම ශිෂ්‍යත්ව ප්‍රදානය කරන අයුරු. එම අවස්ථාවට එක් වූ කාගිල්ස් කෘෂි ව්‍යාපාරයේ සමූහ කළමනාකරු හරිදාස් ප්‍රනාන්දු මහතාද ඡායාරූපයේ වේ.

මෙම වසරේදී අධ්‍යාපන විශිෂ්ටතාවය දැක්වූ ගොවි පවුල්වල දරුවන් සඳහා කාගිල්ස් සරුබිම පදනම හරහා රුපියල් මිලියන 25 ක් වටිනා ශිෂ්‍යත්ව 774 ක් පිරිනැමීමට නියමිතය. මෙම ශිෂ්‍යත්වලාභීන් අතරට 5 ශිෂ්‍යත්වය සමත් සිසුන් 194ක්ද, උසස් පෙළ සමත් සිසුන් 375 ක්ද, විශ්ව විද්‍යාල සිසුන් 158 ක්ද සහ වෘත්තීය පුහුණුව ලබන සිසුන් 47 ක් ඇතුළත්ය. ඊට අමතරව ගොවීන් සඳහා සෞඛ්‍ය කඳවුරු, අක්ෂි සායන ආදිය ඇතුළත් ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිද, ජල සැපයුම් සහ සනීපාරක්ෂණ පහසුකම් ව්‍යාපෘති ආදී ග්‍රාමීය පාසල් සහ රෝහල් සඳහා ඉක්මණින් සැපයීමට අවශ්‍ය පහසුකම් සපයන ව්‍යාපෘතිද ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙම පදනමේ ආරම්භයේ සිට ගොවීන් සහ ළමුන්ට 2500කට වැඩි ශිෂ්‍යත්ව ප්‍රමාණයක් පිරිනමා ඇති අතර ජල පිරිසිදු කිරීමේ ව්‍යාපෘති, පාසල් පුස්තකාල සහ ග්‍රාමීය පාසල්වල සනීපාරක්ෂණ පහසුකම් ඉහළ නැංවීම වැනි ප්‍රජා ව්‍යාපෘති 100 ක් පමණ සිදු කර ඇත. 2014 වසරේදී සරුබිම පදනම කාගිල්ස් එළවළු, පලතුරු සහ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන වලටද ව්‍යාප්ත වූයේ රට වටා කෘෂි සහ කිරි ගොවියන් 20000 කට පමණ ප්‍රතිලාභ සලසමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment