ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට බිල් ගේට්ස්ගෙන් ඩොලර් මිලියන 250ක්

380

මෙරට කෘෂිකර්මය දියුණු කිරීම සඳහා ලෝක ප්‍රකට මයික්‍රොසොෆ්ට් ආයතනයේ හිමිකරු බිල් ගේට්ස් මහතාගේ බිල්ගේට් පදනම ඉදිරිපත් වී සිටී.

කෘෂි ක්‍ෂේත්‍රයේ ඵලදා වැඩි කිරීම හා පෝෂණය වැඩි කිරීමේ කටයුතු වෙනුවෙන් ඩිජිටල් තාක්‍ෂණය යොදා ගැනීමේ මෘදුකාංගයක් හඳුන්වා දෙමින් බිල් ගේට්ස් පදනම මෙරට කෘෂිකර්මය නැංවීමට ඉදිරිපත්ව සිටින අතර ඒ සඳහා වන මූලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ. මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 250 ක ප්‍රදානයක් මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන අතර කෘෂි ක්‍ෂේත්‍රයේ දත්ත එකතු කිරීම සහල් සහ අනෙකුත් භෝග වගාවන්ගේ පෝෂණය වැඩි කිරීම මූලික අරමුණයි.

මීට අමතරව සමාජ ආරක්‍ෂණ වැඩපිළිවෙළ ඩිජිටල්කරණය කිරීමට ද බිල් ගේට්ස් පදනම ඉදිරිපත්ව සිටියි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment