ශ්‍රී ලංකාවේ ණය ගැන ඉන්දියාව දුන් කැපවීම අයිඑම්එෆ් පිළිගනී

76

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉන්දියාව ලබා දුන් සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගෙන ඇති අතර අනෙකුත් ණය හිමියන්ගෙන් ද එවැනිම කැපවීම් බලාපොරොත්තුවෙන් සිටින බව අයිඑම්එෆ් ප්‍රකාශකයකු විදෙස් මාධ්‍යයට පවසා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණයවල තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමට අනුකූලව ඉන්දියාව මූල්‍යකරණ සහතික හා ණය සහන ලබාදීමට කැපවී සිටින බව අයිඑම්එෆ් කළමනාකාරිත්වයට පෙන්වා දී ඇති බව තහවුරු කරන බව මූල්‍ය අරමුදලේ එම ප්‍රකාශකයා ජාත්‍යන්තර මාධ්‍යයට පවසා ඇත. ඉන්දියාව ලබා දී ඇති කැපවීම සාදරයෙන් පිළිගන්නා බව ද එම ප්‍රකාශකයා පවසා ඇත.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය ද ශ්‍රී ලංකාවට මූලික ප්‍රතිචාරයක් ලබා දී ඇත. මේ ක්‍රියාවලිය පිළිබඳව සමීප විශ්ලේෂකයින් පවසන්නේ එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට යෑමට ප්‍රමාණවත් මට්ටමේ සහතිකයක් නොවන බවයි. මේ අතර චීන ප්‍රතිචාරය ගැන මූල්‍ය අරමුදල සඳහනක් කර නැත.

රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ ඉන්දීය එකඟතාව හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත සහාය ශක්තිමත් වනු ඇති බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment